රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වංචාව හේතුවෙන් අධිකරණයට භාර වූ උපකාරක පන්ති ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරට

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වංචාව හේතුවෙන් අධිකරණයට භාර වූ උපකාරක පන්ති ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරට

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වංචාව හේතුවෙන් අධිකරණයට භාර වූ උපකාරක පන්ති ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරට

කර්තෘ Hashini De Mel

28 Aug, 2017 | 4:42 pm

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වංචාව සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ උපකාරක පන්ති ගුරුවරයා ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ ගුරුවරයා නීතිඥයෙකු මාර්ගයෙන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුයේ, අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම හේතුවෙනි.

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්න මුද්‍රණය කර බෙදහැරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වන අතර ඒ සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 5 දෙනෙකු ද ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කෙරිණි.

උපකාරක පන්ති ගුරුවරයාගේ පියා, සොහොයුරු හා පරිගණක ක්‍රියාකරුවෙකු අදාළ සිද්ධියට සම්බන්ධ සිසුවෙකු මෙන් ම ඔහුගේ පියා ද අත්අඩංගුවට ගත් අය අතර වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]