කතුවැකිය: සොර දෙටුවා සොරෙකු මිස ඔහු හැඳින්වීමට වෙනත් නමක් තිබේ ද?

කතුවැකිය: සොර දෙටුවා සොරෙකු මිස ඔහු හැඳින්වීමට වෙනත් නමක් තිබේ ද?

කතුවැකිය: සොර දෙටුවා සොරෙකු මිස ඔහු හැඳින්වීමට වෙනත් නමක් තිබේ ද?

කර්තෘ Chathuranga Rajapaksha

25 Aug, 2017 | 8:30 am

දේශපාලනයේ සදාකාලික මිතුරන් ද සතුරන් ද නොමැති බව ශ්‍රී ලංකා දේශපාලනයේ මොහොතින් මෙහොත සනාථ කෙරෙන සත්‍යයකි.

මහා මැතිවරණයට පෙර සහ මහ මැතිවරණ සමයේ ජම්මන්ත සතුරන් ලෙස කටයුතු කරන පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ ඡන්දය ජයග්‍රණය කොට පාර්ලිමේ න්තුවට තේරී පත් වීමෙන් අනතුරුව සදාකාලික මිතුරෝ වෙති.

ඡන්දයේදී පෙන්වා දුන් හොරකම් ජන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු හොරකම් නොවෙයි.

ඡන්දයට පෙර දූෂිතයින් ඡන්දයට පසු සුජාත සිල්වත් පිරිසක් වෙයි.

මෙලෙස වන්නේ ඇයි…?

මෙලෙස වන්නේ, හොරු, හොරු යැයි චෝදනා කරන පිරිසත්, හොරු යැයි චෝදනා ලබන පිරිසත් දෙපිරිස ම වංචනිකයින් වන බැවිනි.

මේ නිසා තම නියෝජිතයින් ලෙස වංචනිකයින් තවදුරටත් පාර්ලිමේන්තුවට හෝ වෙනත් අධිකාරියකට තෝරා පත් කර ගැනීමට පෙර අප නැවතත්, නැවත, නැවතත් සිතිය යුතුය.

බල ලෝභයෙන් සොරෙකු සුජාත කරන පුද්ගයෙකු වෙත් නම් ඔහු යහ පාලකයෙකු නොව ගව පාලකයෙකි.

බල ලෝභයෙන් සොරකම් කළ මුදල් යොදවා සොරකම් වසා ගැනීමට උත්සාහ දරයි නම්, ඔහු සැබෑ සොරෙකු මිස කිසි දිනෙක සුජාත දේශපාලනඥයෙකු නොවනු ඇත.

තමන් ආරක්ෂා වීම සඳහා ජනතා පවුරක් ගොඩනගන සොර දෙටු පාලකයෝ නැවතත් බලය ලබා ගැනීමෙන් පසු සොරකම් කරන්නේ එම ජන පවුරේ ජනතාවගේ මුදල් බව අමතක නොකළ යුතුය.

එබැවින් සොර දෙටුවා සොරෙකු මිස ඔහු හැඳින්වීමට වෙනත් නමක් වෙත් ද?

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]