යහපාලන ආණ්ඩුවේ දින 100 පොරොන්දුව තවමත් ප්‍රමාදයි: විගණන පනතට බය කවු ද?

යහපාලන ආණ්ඩුවේ දින 100 පොරොන්දුව තවමත් ප්‍රමාදයි: විගණන පනතට බය කවු ද?

By Hashini De Mel

Aug 27, 2017 | 8:52 pm

නව විගණන පනත් කෙටුම්පත සම්මත නොකිරීම හේතුවෙන් ජාතික විගණන කාර්යාලය හා ජාතික විගණන සේවය ස්ථාපිත කිරීමට නොහැකිවී තිබේ.

මේ හේතුවෙන් විගණකාධිපතිවරයාට තම කාර්ය්‍ය හා කර්ත්‍යවය සිදු කිරීමට නොහැකි වී තිබෙන බව ජාතික විගණන සේවා සංගමය පෙන්වාදී ඇත.

නව විගණන පනත් කෙටුම්පත 2015 වසරේ අප්‍රේල් 20 වන දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වෙන අතර ඊට අනුමැතිය හිමි විය.

එම අනුමැතියට අනූව මෙම පනත් කෙටුම්පත සාමාන්‍ය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පනත ගැසට් කිරීමේ වගකීම අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙතත් නියෝග කර ඇත.

2016 අප්‍රේල් 26 වන දා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු කැබිනට් අනුකමිටුවක් පත් කෙරෙනුයේ විගණන පනත් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීම සඳහායි.

පසුගිය අගෝස්තු 09 වන දා පනත් කෙටුම්පත සංශෝධන 23ක් සහිතව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර එදිනම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව තහවුරු කරමින් නීතිපතිවරයාගේ අනුමැතිය ද හිමි විය.

නමුත් විගණන පනත් කෙටුම්පත පිළිබඳව තවදුරටත් අධ්‍යනය කිරීම සඳහා මේ මස 15 වන දා නැවතත් කැබිනට් අනු කමිටුවක් පත් කෙරෙන්නේ අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.

යහපාලන ආණ්ඩුවේ දින සියය වැඩපිළිවෙල යටතේ පිහිටුවීමට නියමිත වූ ජාතික විගණන පනත සම්මතවීම තවදුරටත් ප්‍රමාදවන්නේ ඇයි?

යහපාලන රජය බලයට පත්වී මාස 2ක් ඉක්ම යන්නට පෙර එනම්, 2015 පෙබරවාරි 19 වන දා නව විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින යොදා තිබුණු අතර එම වසරේම මාර්තු 19 වන දා එය සම්මත කිරීමට ප්‍රතිඥා දී තිබුණ ද දැනට වසර 2 1/2 ක් ගත වුද පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇත්තේ ඇයි?

ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක,

[quote]විගණන කොමිෂන් සභාව පිහිටලා තිබ්බට විගණන කොමිෂන් සභාවට ක්‍රියාත්ම වීම සඳහා අවශ්‍ය විගණන පනත මේ ආණ්ඩුව තවම ත් සම්මත කරලා දීලා නැහැ, ඇත්තටම තව ටික දවසක් ගියාම අනිවාර්ය විගණනයට භාජනය වෙනවා විගණන කොමිෂන් සභාව කිසිදු කාර්යක් නොකර මුදල් වැය කිරීම 19 වැනි සංශෝධනය යටතේ විගණන කොමිෂන් සභාව පිහිටුවා තිබියදී එම පනත සම්මත කිරීම වැළැක්වීම හරහා පෙනෙන්නේ මේ පාලනය වංචාවට ත් දූෂණයට ත් නාස්තියට ත් ඉනිමන් බඳින පාලනයක් බවට පත්වී තිබෙන බව තමයි මෙම පනත පමා කිරීමෙන් පෙනෙන්නට තියෙන්නේ[/quote]

රාජය විවසාය සංවර්ධන අමාත්‍ය, කබිර් හෂීම්,

[quote]එකේ තව සංශෝධන කිහිපයක් තියෙනවා එක පරක්කු කිරීමක් නෙවෙයි එක විධිමත් කරලා ඉදිරිපත් කිරීමට සුදානම් වෙනවා අපි පනතක් කළින් දැම්මා චෝදනාව තියෙන්නේ පනත හරියට සකස් කරලා දැම්මේ නැහැ කියලා පනත හරියට සකස් කරලා දන්න යනකොට කියනවා එක ප්‍රමාද වෙනවා කියලා මේක කොයි පැත්ත දැම්මත් එන චෝදනා එනවා.[/quote]

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ප්‍රසන්න රණතුංග,

[quote]මේ ආණ්ඩුව කියපු දේවල් කරන අය නෙවෙයි දැන් බලන්න පසුගිය කාළේ විගණන පනත ගැන මහ ලොකුවට කතා කළා දැන් අවුරුදු 2 1/2ක් ගත වෙලා තියෙනවා විගණන පනත ගෙන් නැත්තේ මේ හොරකම් මාට්ටු වෙන නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව ශත්කිමත් කරන්න නැත්තේ හොරකම් මාට්ටු වෙන නිසා ඒ නිසා යහපාන රජයේ වගකීමක් තියෙනවා මුලින්ම මේ විගණන පනත ගෙනැල්ල සම්මත කරලා මේක ක්‍රියාත්මක කරන්න එතකොට කවුරු වැරදි කළත් දැනගන්න ලැබෙයි.[/quote]

වසන්ත සමරසිංහ,

[quote]මේ රටේ හොරකම් වංචා දුෂණවලට විරුද්ධව කතා කරන්‍න නේ මේ ආණ්ඩුව ආවේ ඇවිල්ලා ඉස්සරලාම දුන්න මහ බැංකුවට ඊට පස්සේ දුන්න සේවක අර්ථ සාධක අරමුදලට මහ බැංකුව සුද්ද කරලා තමයි පටන් ගත්තේ ඒ නිසා මේවා ඔක්කොම නවත්වන්නේ නව විගණන පනතක් ඕනි කිවේ ඒ අලුත් විගණන පනත අද රනිල් ගාවා තමයි නැවතිලා තියෙන්නේ එහේම නැත්නම් විගණකාධිපති ඉන්නවා අලුත් පනතක් සකස් කරන්න අවශය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා වංචා දුෂණ පිළිබඳ මහා දැවැන්ත සාකච්ඡාවක් තියෙනවා. මේ ර‍ජයට විගණනය ශක්තිමත් කරන්න නෙවෙයි මේ ආණ්ඩුව කරන්නේ හොරු අල්ලන් දාපු ආයතන වහනවා ඒ නිසා මේ විගණන පනතත් බලගිරි දෝෂයට අසුවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ.[/quote]

විගණන පනතට බය කවු ද ?

ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි……

[youtube url=”www.youtube.com/watch?v=NDH73f4d1gQ” width=”560″ height=”315″]