යාපන මුහුදේදී ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට

යාපන මුහුදේදී ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට

යාපන මුහුදේදී ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

10 Aug, 2017 | 11:46 am

යාත්‍රා 3ක් සමග යාපනය ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

නාවික හමුදා ප්‍රකාශක, ලෙෆ්ටිනන් කර්මාන්ඩර් චමින්ද වළාකුළුගේ මහතා සඳහන් කළේ ඔවුන් කන්කසන්තුරේ ධීවර වරාය වෙත භාරදුන් බවයි.

මේ අතර ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකීක ධීවරයින් දෙදෙනෙකු නිදහස් කර තිබේ.

නාවික හමුදා ප්‍රකාශක, චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේ, දෙරට අතර ද්විපාර්ශවීය සුහදත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ යටතේ මෙම ධීවරයින් නිදහස් කර ඇති බවයි.

පේදුරුතුඩුව ධීවර වරායෙන් මුහුදු ගිය මෙම ධීවරයින් දෙදෙනා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අත්අඩංගුවට පත්වුණේ පසුගිය මැයි මස 20 වෙනිදා යි.

මේ අතර මෙරට අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු පසුගියදා නිදහස් කෙරිණ.

මේ වන විට මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දිය ධීවරයින් සංඛ්‍යාව 64 කි.