නව විගණන කෙටුම්පත ව්‍යවස්ථානුකූල බව නීතිපති කියයි

නව විගණන කෙටුම්පත ව්‍යවස්ථානුකූල බව නීතිපති කියයි

නව විගණන කෙටුම්පත ව්‍යවස්ථානුකූල බව නීතිපති කියයි

කර්තෘ Sagarika Chathumali

10 Aug, 2017 | 10:07 am

ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට වන සහතිකය නීතිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

 

News1st කළ විමසීමකදි නීතිපති ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ කළේ ඊයේ මෙම නව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට වන සහතිකය නිකුත් කළ බවයි.

එය අග්‍රාමාත්‍යවරයාට සහ නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට නියමිත බව ද නීතිපතිවරයා සඳහන් කළේ ය.

රාජ්‍ය අංශයේ දුෂණ හා නාස්තිය වැළැක්වීම අරමුණු කර ගනිමින් නව විගණන පනතක් හඳුන්වා දීම, යහපාලන ආණ්ඩුව ජනතාවට ලබාදුන් ප්‍රමුඛ පොරොන්දුවක් වේ.

යෝජිත විගණන පනත් කෙටුම්පතට 2015 වසරේ අප්‍රේල් මස 29 වන දා කැබිනට් අනුමැතිය හිමිවුවත්, එය අවස්ථා කිහිපයකදී ම සංශෝධනය විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]