කොන්දොස්තරගේ සල්ලි මල්ල ත් කොල්ලකයි

කොන්දොස්තරගේ සල්ලි මල්ල ත් කොල්ලකයි

කොන්දොස්තරගේ සල්ලි මල්ල ත් කොල්ලකයි

කර්තෘ Sagarika Chathumali

10 Aug, 2017 | 9:23 am

බදුල්ල ප්‍රධාන බස් නැවතුම් පොළ අසල දී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දොස්තරවරයකුට පහර දී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් කොන්දොස්තරවරයා සතු රුපියල් 14,917ක මුදලක් කොල්ලකා ඔහුගේ රාජකාරියට බාධාකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]