කසළවලින් විදුලිය නිපදවන මෙරට ප්‍රථම ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කසළවලින් විදුලිය නිපදවන මෙරට ප්‍රථම ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කසළවලින් විදුලිය නිපදවන මෙරට ප්‍රථම ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කර්තෘ Hashini De Mel

10 Aug, 2017 | 4:50 pm

කසළවලින් විදුලිය නිපදවන මෙරට ප්‍රථම ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

පෞද්ගලික සමාගම් දෙකක රුපියල් බිලියන 27ක ආයෝජනයෙන් ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘති අද ආරම්භ කළේ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේදී ය.

එක් බලාගාරයකින් මෙගාවොට් 10ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත අතර මීට සමගාමීව පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙනු ඇති.

ඉදිරි වසර දෙක තුළ එම සියලු ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

කසළ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ ගැටළු රැසකට මුහුණදීමට සිදු වූ අතර මේ සඳහා ස්ථිරසාර විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.