අත්තිඩිය බැංකු කොල්ලයේ කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් ආරක්ෂකයා මරුට

අත්තිඩිය බැංකු කොල්ලයේ කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් ආරක්ෂකයා මරුට

අත්තිඩිය බැංකු කොල්ලයේ කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් ආරක්ෂකයා මරුට

කර්තෘ Sagarika Chathumali

10 Aug, 2017 | 2:42 pm

අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් එල්ල කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබු ආරක්ෂක නිලධාරියෙකු මිය ගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු එහි සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි තබා බැංකුව තුළට පැමිණ මුදල් කොල්ල කා පලාගොස් ඇති බවයි.

සැකකරුවන් කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළුත් කිරීමෙන් පසු එක් අයෙකු මෙලෙස මියගොස් තිබේ.

කොල්ලකා ඇති මුදල් ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]