ඇමරිකාව පැරිස් එකඟතාවෙන් ඉවත්වූ බව ලිඛිතව දන්වයි

ඇමරිකාව පැරිස් එකඟතාවෙන් ඉවත්වූ බව ලිඛිතව දන්වයි

ඇමරිකාව පැරිස් එකඟතාවෙන් ඉවත්වූ බව ලිඛිතව දන්වයි

කර්තෘ Sagarika Chathumali

05 Aug, 2017 | 12:37 pm

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් එකඟතාවයෙන් අමෙරිකාව ඉවත් වන බව පළමුවරට එක්සත් ජාතීන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ඉවත්වීමට තීරණය කළ ද තවදුරටත් සාකච්ඡා සඳහා සූදානම් බවයි.

2015 වසරේ ඇති කර ගත් මෙම හකඟතාවයේ ප්‍රධාන අරමුණ වන්නේ, දේශගුණික විපර්යාස අවම කර ඒවායේ බලපෑම්වලට මුහුණ දීම සඳහා කටයුතු කිරීමයි.

ඒ අනුව දේශගුණික විපර්යාසවලට බලපාන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් හැකි අයුරින් කටයුතු කළ යුතු වේ.

ඉකුත් ජුනි මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කළේ, ඉන් අමෙරිකානුවන්ට අවාසි සහගත තත්ත්වයක් එල්ල විය හැකි බව පවසමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කළ ද අමෙරිකාවේ අලුතින් පත්වන ජනාධිපතිවරයෙකුට නැවත එම සම්මුතියට එකඟව කටයුතු කළ හැකියි.