ආඩිවේල් මංගල්‍යය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ආඩිවේල් මංගල්‍යය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

කර්තෘ Sakila Udayakumara

05 Aug, 2017 | 10:03 pm

කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන ආඩිවේල් මංගල්‍යය අද සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.

දේශීය හා දකුණු ඉන්දීය ගායකයින්, බෙර වාදකයින් හා නර්තන ශිල්පීන්ගෙන් සමන්විත විචිත්‍රවත් ආඩිවේල් මංගල්‍යය මේ වන විටත් සීමාසහිත කැපිටල් මහරාජා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.

යාපනය ඓතිහාසික සෙල්වසන්නිදි කෝවිලේ සිට වැඩම කෙරුණු වේලායුදය දින ගණනක චාරිකාවකින් පසුව ඊයේ ජින්තුපිටිය ශ්‍රී සිවසුභ්‍රමනිය කෝවිලට වැඩම කළේ ය.

අනතුරුව අද එය සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට වැඩම කළේ, චිචිත්‍රවත් පෙරහැරකිනි.

විශේෂ මණ්ඩලයේ වේලායුදය තැන්පත් කිරීමෙන් පසුව වතාවත් සිදුකෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේ ය.

අනතුරුව දෙස් විදෙස් බැතිමතුන්ට වන්දනාමාන කර ගැනීම සඳහා අවස්ථා සලසා දුන්නේ ය.

මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් අද විශේෂ ආශිර්වාද පූජාවක් ද පැවැත්විණි.