Bestweb 2018
Bestweb 2018

දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට ජනපති ලක්ෂ 450ක මුදලක් ලබා දෙයි

දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට ජනපති ලක්ෂ 450ක මුදලක් ලබා දෙයි

By Sagarika Chathumali

22 Aug, 2017 | 1:44 pm

ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය සඳහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් ලක්ෂ 450ක මුදලක් ලබා දී තිබේ.

සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන්ගේ හා දියවඩන නිලමේවරයාගේ ඉල්ලීම මත ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදනවලින් මෙම මුදල ලබා දී ඇත.

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා අද මෙම මුදල් භාරගෙන ඇති අතර නියමිත තාක්ෂණික උපදෙස් මත රන්වියන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා මෙම මුදල් යොදවනු ඇති.