යෝෂිත රාජපක්ෂගේ ලක්ෂ 45 නිවස මිලදී ගැනීමට අදාළ නඩුවේ තක්සේරු වාර්තා ඉදිරිපත් කිරීමට ඇතැම් ලිපි ගොනු ලැබී නැහැ – පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වයි

කර්තෘ Hashini De Mel

31 Jul, 2017 | 5:00 pm

යෝෂිත රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂ 45ක් වටිනා රත්මලානේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළ තක්සේරු වාර්තා ඉදිරිපත් කිරීමට ඇතැම් ලිපි ගොනු ලැබී නොමැති බවට පොලිස් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහායිම් මහතා හමුවේ කියා සිට තිබේ.

එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥයින් අධිකරණයට කියා සිටියේ, අදාළ ලිපි ගොනු ලබා දී ඇති බවයි.

නිවසට විදුලිය සහ ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් ලිපි ගොනු ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට එම අවස්ථාවේදී අධිකරණයට දන්වා සිට ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම කරුණු සළකා බැලීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දන්වා සිටියේ අදාළ ලිපිගොනුවල මුල්පිටපත් අවශ්‍ය ද යන්න අගෝස්තු 21 වන දින දැනුම් දෙන ලෙසයි.

යෝෂිත රාජපක්ෂ මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබූ අතර ඒ අනුව ඔහු අද අධිකරණයේ පෙනි සිටියේ ය.

යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර ඇය අධිකරණයේ අද පෙනී සිට නොමැත.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]