නියඟයෙන් වගා හානි වූ පුද්ගලයින් සඳහා රුපියල් 10,000ක දීමනාවක් – ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

නියඟයෙන් වගා හානි වූ පුද්ගලයින් සඳහා රුපියල් 10,000ක දීමනාවක් – ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

නියඟයෙන් වගා හානි වූ පුද්ගලයින් සඳහා රුපියල් 10,000ක දීමනාවක් – ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

කර්තෘ Chathuranga Rajapaksha

31 Jul, 2017 | 6:14 am

නියඟයෙන් වගා හානි වූ පුද්ගලයින් සඳහා රුපියල් 10,000ක දීමනාවක් ලබා දී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ නියඟයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සඳහා ජනාධිපතිතුමාගේ නියෝගය මත ආහාර මල්ලක් ද ලබා දෙන බව ය.

දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පවුල් තුන් ලක්ෂ දාහතර දහස් හතලිස් නවයකට අයත් පුද්ගලයින් දස ලක්ෂ අනූ තුන් දහස් හත්සිය දාහත් දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයට බව ය.

එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22 කට අයත් පවුල් 45,730 ක පුද්ගලයින් 149,962 කු පීඩාවට පත්ව සිටිති.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 කට අයත් පවුල් විසි හත් දහස් හයසිය හතලිස් හයක පුද්ගලයින් එක් ලක්ෂ පන් දහස් අටසිය හතලිස් හත් දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

වියළි කාලගුණයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ තිස් එක් දහස් පනස් එකකි.

වියළි කාලගුණය හමුවේ මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, අනුරාධපුර, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, යාපනය, මන්නාරම,රත්නපුර,බදුල්ල, මහනුවර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]