පකිස්ථාන අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පකිස්ථාන අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පකිස්ථාන අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

කර්තෘ Sakila Udayakumara

28 Jul, 2017 | 2:27 pm

පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ, ඔහු අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නුසුදුස්සෙකු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කිරීමෙන් අනතුරුව ය.

දූෂණ චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ ය.

නවාස් ෂරීෆ්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව විභාග කෙරුණේ, ඔහුගේ පවුලේ සාමාජිකයින් අයථා ලෙස මුදල් ඉපැයූ බවට පැනමා පත්‍රිකා හරහා හෙළිවීම හේතුවෙනි.