නඩරාජා රවිරාජ් ඝාතනයේ දෙවන විත්තිකරුව යළි වහාම අත්අඩංගුව ගන්නැයි නියෝග

නඩරාජා රවිරාජ් ඝාතනයේ දෙවන විත්තිකරුව යළි වහාම අත්අඩංගුව ගන්නැයි නියෝග

නඩරාජා රවිරාජ් ඝාතනයේ දෙවන විත්තිකරුව යළි වහාම අත්අඩංගුව ගන්නැයි නියෝග

කර්තෘ Hashini De Mel

27 Jul, 2017 | 4:52 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ චෝදනාවලින් මහාධිකරණය නිදොස් කර නිදහස් කරණු ලැබු එම නඩුවේ දෙවන විත්තිකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

එලෙස අත්අඩංගුවට ගැනීමට නියම කර ඇත්තේ, ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාවය.

විත්තිකරු රැඳී සිටින බව කියන නාවික හමුදා මූලස්ථානයට හා ඔහුගේ පෞද්ගලික ලිපිනයට අභියාචනාධිකරණය නිකුත් කළ සිතාසි නියෝග ලබා දී ඇති බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් දක්වා නොමැති බවට අධිකරණයට දැනුම්දී ඇත.

ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සහ ලලිත් ජයසුරිය මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, රවිරාජ් ඝාතන නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ගොනු කළ ප්‍රතිශෝධන අභියාචනය අද යළි විභාගයට ගත් අවස්ථාවේදී ය.