දෙහිවල සත්තු වත්තේ රාත්‍රී කාලයේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ දැමීමේ තීරණයක්?

දෙහිවල සත්තු වත්තේ රාත්‍රී කාලයේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ දැමීමේ තීරණයක්?

දෙහිවල සත්තු වත්තේ රාත්‍රී කාලයේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ දැමීමේ තීරණයක්?

කර්තෘ Chathuranga Rajapaksha

23 Jul, 2017 | 7:03 am

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ නැංවීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය ප්‍රකාශ කළේ, රාත්‍රියේ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍ර මිල එලෙස ඉහළ දමන බව ය.

ඊට අදාළ කටයුතු සම්පාදනයට, විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

නව ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරි දින කිහිපයේදී වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වෙත ලබා දීමට නියමිත ය.

ලබන සැප්තැම්බර් 9 වනදා සිට දෙහිවල සත්වෝද්‍යානය රාත්‍රී කාලයේත් විවෘතව තැබීමට නියමිත ය.

ඒ අනුව රාත්‍රි කාලයේ ක්‍රියාකාරී සතුන් පමණක් රාත්‍රී 7.00 සිට 10.00 දක්වා සංචාරකයින් වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

සතුන් නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා විශේෂ වාහන යොදවන බව ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළාය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]