රිය අනතුරු 5කින් පුද්ගලයින් 5 දෙනෙකු මරුට

රිය අනතුරු 5කින් පුද්ගලයින් 5 දෙනෙකු මරුට

රිය අනතුරු 5කින් පුද්ගලයින් 5 දෙනෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

22 Jul, 2017 | 2:38 pm

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

මිරිහාන, අග්බෝපුර, මොණරාගල, ගල්ගමුව සහ බිංගිරිය ප්‍රදේශවල එම අනතුරු සිදුව තිබුණි.

මිරිහාන ප්‍රදේශයේදී පිටකෝට්ටේ දෙසට ධාවනය වූ යතුරු පැදියක් කසළ ප්‍රවාහනය කරන ලොරියක් ගැටීමෙන් 44 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේය.

අග්බෝපුරදී අඹේපුස්ස – ත්‍රීකුණාමලය මාර්ගයේ ධාවන වූ වාහනයක ගැටීමෙන් 33 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මොණරාගල – බිබිල ප්‍රධාන මාර්ගයේ හිඳිකිවුල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් කාන්තාවක් මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ගල්ගමුව ප්‍රදේශයේදී කුරුණෑගල සිට ගල්ගමුව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බිංගිරිය, දළුපොත, අකරවත්ත, කජුවත්ත හන්දිය අසලදී යතුරු පැදියක් වේගය පාලනය කරගත නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]