ගින්නකින් අනුරාධපුරයේ ලී වෙළෙඳ සැලක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි

ගින්නකින් අනුරාධපුරයේ ලී වෙළෙඳ සැලක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි

ගින්නකින් අනුරාධපුරයේ ලී වෙළෙඳ සැලක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

22 Jul, 2017 | 7:50 am

අනුරාධපුර, ජයන්ති මාවතේ ලී වෙළෙඳ සැලක හටගත් ගින්නකින් එම වෙළෙඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

පොලීසිය පැවසුවේ අද අලුයම ගින්න හටගෙන ඇති බව ය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් නිලධාරීන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර අනුරාධපුර, නුවරවැව රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇතැයි පොලීසිය සඳහන් කළේය.