අද රාත්‍රී 11.00 සිට කොළඹට ජලය කැපේ

අද රාත්‍රී 11.00 සිට කොළඹට ජලය කැපේ

අද රාත්‍රී 11.00 සිට කොළඹට ජලය කැපේ

කර්තෘ Sakila Udayakumara

21 Jul, 2017 | 7:08 am

අද රාත්‍රී 11.00 සිට අනිද්දා සවස 6.00 දක්වා පැය 19ක කාලයක් කොළඹ නගරයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, කොටහේන, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, ජයන්ත වීරසේකර මාවත සහ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවන බව ය.

අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]