හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

කර්තෘ Hashini De Mel

20 Jul, 2017 | 12:20 pm

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වැඩබලන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් උපුල් ගලප්පත්ති මහතා ප්‍රකාශ කළේ, වර්ජනය ක්‍රියාත්මක වුව ද හදිසි ප්‍රතිකාර සහ මාතෘ හා ළමා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු සිදු කරන බවයි.

හෙට පෙරවරු 8 දක්වා වැඩ වර්ජනය ක්‍රියාත්මක බව උපුල් ගලප්පත්ති මහතා ප්‍රකාශ කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]