රත්මලානේ සතොස ගබඩාවට කොකේන් ගෙනා පුද්ගලයින් අත්අඩංගුවට

රත්මලානේ සතොස ගබඩාවට කොකේන් ගෙනා පුද්ගලයින් අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

20 Jul, 2017 | 11:49 am

රත්මලානෙන් සොයා ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයට අදාළව සැකකරුවන් 3දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්මලාන ආර්ථික මධ්‍යස්ථනයේ සතොස ගබඩාවට සීනි රැගෙන ආ කන්ටේනරයක තිබී සොයා ගත් මෙම කොකේන් තොගයේ බර කිලෝග්‍රෑම් 218 කට අධික බව මේ වන විට ගණන් බලා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කන්ටේනර් රථයේ රියැදුරු ඇතුළු 3දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

මේ වන විට ගල්කිස්ස පොලීසිය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක් ව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]