බැඳුම්කර මගඩිය : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නුරේදී ම කොමිසම හමුවට

බැඳුම්කර මගඩිය : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නුරේදී ම කොමිසම හමුවට

බැඳුම්කර මගඩිය : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නුරේදී ම කොමිසම හමුවට

කර්තෘ Sagarika Chathumali

20 Jul, 2017 | 7:23 pm

නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර සිද්ධියට අදාළ දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව අද ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය විය.

 

රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී වක්වැල්ල ගමගේ ප්‍රභාත් මහතා අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ ය.

ඔහු පැවසුවේ, බැඳුම්කරවල මධ්‍ය සාමාන්‍ය අනුපාතය දෛනිකව තම දෙපාර්තමේන්තුවෙන් ගණනය කරන බවයි.

රාජ්‍ය සුරැකුම්පත් සම්බන්ධ කූපන් අගය සාකච්ඡා වන්නේ දේශීය ණය කළමනාකරණ කමිටුව හමුවේ බව ත් එම තීරණය ගන්නේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ඉදිරි පෙළ කාර්යාලය බව ත් ප්‍රභාත් මහතා පැවසී ය.

ඔහු පෙන්වා දුන්නේ එම තීරණයෙන් අනතුරුව අදාළ සහකාර අධිපතිවරයාගෙන් අනුමැතිය ලබාගන්නා බවයි.

මෙම සාක්ෂිකරු වෙනත් දිනක කැඳවීමට අවශ්‍ය බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසමට දැනුම් දුන්නේ ය.

ඔහු ඊට හේතු ලෙස දැක්වූයේ තමන් හඳුනාගත් ගනුදෙනු රටාවට සම්බන්ධ අනෙක් පාර්ශ්වවල ගණුදෙනුවලට අදාළ ලියකියවිල තවමත් ලැබී නොමැති බවයි.

දුන්නේ අදාළ දිනයේ එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් දෙන බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට කොමිසම දැනුම් දුන්නේ ය.

මේ අතර අදාළ ගනුදෙනුවල වගු කොමිසමට සහය වන අන්දමින් නිර්මාණය කර ලබාදෙන ලෙසට කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ ය.

අගෝස්තු මස පළමු වන සතියේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි දීමට සිදුවන බව කොමිසම අද අනාවරණය කළේ ය.

ඉන් අනතුරුව හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි විමසීම සිදුවනු ඇති.