ඉන්දියාවේ නව ජනපති රාම් නාත් කෝවින්ද්

ඉන්දියාවේ නව ජනපති රාම් නාත් කෝවින්ද්

ඉන්දියාවේ නව ජනපති රාම් නාත් කෝවින්ද්

කර්තෘ Sagarika Chathumali

20 Jul, 2017 | 9:25 pm

71 හැවිරිදි රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇතැයි අද ප්‍රකාශයට පත් කෙරිණ.

මේ මස 25 වැනිදා ඔහු රාෂ්ට්‍රපති භවන්හිදී දිවුරුම් දීමට නියමිතයි.
ඉකුත් 17 වන දා ඉන්දීය ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්විණ.

බිහාර් ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වු භාරතීය ජනතා පක්ෂයේ රාම්නාත් කෝවින්ද් ඡන්ද සටනේ එක් ප්‍රධාන චරිතයක් විය.

ලෝක් සභාවේ හිටපු කථානායිකාවක වන ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මීරා කුමාර් ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූවා ය.

කල් තියාම බොහෝ දෙනෙකු අනාවැකි පළ කර තිබු ආකාරයටම  රාම් නාත් කෝවින්ද් ඡන්ද සටන ජයගත්තේ 65.6 %ක ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි.

1945 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා උපන් රාම්නාත් කෝවින්ද් එරට ජනාධිපති ධුරය හොබවන දෙවැනි “දලිත් ” පුරවැසියායි.

වත්මන් ජනපති ප්‍රනාබ් මුඛර්ජිගේ ධුර කාලය මේ මස 25 වැනිදායින් අවසන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]