විද්‍යා දැරිය ඝාතනය: ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති ලලිත් ජයසිංහ රිමාන්ඩ්: සැකකරු රැගෙන ගිය වාහනය විදුලි කණුවක ගැටෙයි

විද්‍යා දැරිය ඝාතනය: ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති ලලිත් ජයසිංහ රිමාන්ඩ්: සැකකරු රැගෙන ගිය වාහනය විදුලි කණුවක ගැටෙයි

කර්තෘ Chathuranga Rajapaksha

16 Jul, 2017 | 1:00 pm

අත්අඩංගුවට පත් මධ්‍යම සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඔහු අද උදෑසන කයිට්ස් වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලලිත් ජයසිංහ මහතා රැගෙන යමින් තිබූ රථය යාපනය, කයිට්ස් ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් ඔහු ඇතුළු තුන්දෙනෙකු තුවාල ලැබිණි.

පොලිසිය සඳහන් කළේ, වෑන් රථය විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරයාගේ වම් පාදයට සහ පපු පෙදෙසට තුවාල සිදුවිය.

අනතුරින් සුළු තුවාල ලබා ඇති අනෙක් දෙදෙනො අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වේ.

ඔවුන් අනුරාධපුර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

යාපනය ශිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතන සම්බන්ධයෙන් සැකකරුවෙකුට පලා යාමට ඉඩ සැලැස්වීමේ චෝදනා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඊයේ දහවල් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]