විද්‍යා ඝාතනය: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට

විද්‍යා ඝාතනය: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට

විද්‍යා ඝාතනය: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

15 Jul, 2017 | 3:18 pm

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, විද්‍යා සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකුට පළා යාමට ඉඩ සැලැස්වීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව ය.

අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]