ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට ගම්මැද්ද කණ්ඩායම ත් එක්වෙයි

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට ගම්මැද්ද කණ්ඩායම ත් එක්වෙයි

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට ගම්මැද්ද කණ්ඩායම ත් එක්වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

15 Jul, 2017 | 7:13 am

රට පුරා ව්‍යාප්තව යන ඩෙංගු දුරලීම සඳහා අද ඩෙංගු මර්දන වැඩසටහනක් සියලු මාධ්‍ය ආයතන දායකත්වයෙන් ක්‍රියාවට නැංවේ.

ඒ, ජනාධිපති ඩෙංගු මර්දන කාර්ය සාධක බලකායේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහායි.

මේ අනුව අද පෙරවරු 10 සිට 12 දක්වා රට පුරා පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරගත යුතුයි.

ජනාධිපති ඩෙංගු මර්දන කාර්ය සාධක බලාකායේ මෙම ව්‍යාපෘතිය තව දුරට ත් ශක්තිමත් කරමින් නිව්ස්ෆස්ට් ගම්මැද්ද කණ්ඩායම් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගම්මැද්ද සවිය සංවිධාන සමග එක්ව පිරිසිදු කිරිමේ වැඩසටහන් සංවිධානය කර තිබේ.

අද පැවැත්වෙන ඩෙංගු මර්දන වැඩසටහන වෙනුවෙන් නිව්ස්ෆස්ට් ගම්මැද්ද කණ්ඩායම් දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම ගොස් තිබේ.

ඒ අනුව මාතර, දඹුල්ල, පුත්තලම සහ කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකදී ඩෙංගු මර්දන වැඩසටහන්වල නිව්ස්ෆස්ට් ගම්මැද්ද කණ්ඩායම නිරත වෙයි.