ජනපති නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයට

ජනපති නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයට

කර්තෘ Hashini De Mel

13 Jul, 2017 | 7:28 am

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ, බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව ය.

මෙම සංචාරයේදී ජනාධිපතිතුමා, බංග්ලාදේශය අගමැතිනිය සහ ජනාධිපතිතුමා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කතානායකවරයා මෙන්ම විපක්ෂ නායිකාව ද හමුවනු ඇති.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආයෝජන ඉහළ නැංවීම, නාවික, අධ්‍යාපන, සංචාරක, ධීවර, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතවේ.

මෙම සංචාරයේදී කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු ආගමන සහ විගමන ආදී ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]