උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපති උපදෙස් මත ක්‍රියාමාර්ග රැසක්

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපති උපදෙස් මත ක්‍රියාමාර්ග රැසක්

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපති උපදෙස් මත ක්‍රියාමාර්ග රැසක්

කර්තෘ Sakila Udayakumara

13 Jul, 2017 | 9:23 pm

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි නව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර තිබේ.

ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල, ඇල්ල, වැලිමඩ, ඌව පරණගම සහ හපුතලේට අයත් වන ග්‍රාම නිලධාරී 32ක ජනතාවට මෙමගින් සහන සැලසේ.

ඒ අනුව වන්දි ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කර ඒ සඳහා රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

හානියට පත් කුඩා වැව් 6ක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 100ක්, විශාල ප්‍රමාණයේ නළ ළිං 6ක් ඉදිකිරීම, සියලු පවුල් සඳහා ජල ටැංකි ලබා දීම ඇතුළු තව ත් කටයුතු රාශියක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත සිදු කෙරේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]