ඉදිරි සති කිහිපය තුළ සහල් මිල පහළ යන බවට ඉඟි

ඉදිරි සති කිහිපය තුළ සහල් මිල පහළ යන බවට ඉඟි

By Chathuranga Rajapaksha

Jul 23, 2017 | 8:18 am

ඉදිරි සති කිහිපය තුළ සහල් මිල පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා සඳහන් කළේ, අගෝස්තු මාසයේ සිට සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කරන බව ය.

ඒ, මියන්මාරය, තායිලන්තය සහ පකිස්ථානය යන රටවලින් ය.

ඊට අදාළ වාර්තා සකස් කිරිම මේ වනවිට ආරම්භ කර තිබේ.

සහල් ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් පසුගියදා රටවල් කිහිපයක සංචාරයක ද නිරත විය.