මීගමුවේ ගණිකා නිවාසයක් වටලයි

මීගමුවේ ගණිකා නිවාසයක් වටලයි

By Chathuranga Rajapaksha

Jul 16, 2017 | 9:32 am

මීගමුව නගරයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට කාන්තාවන් 7 දෙනෙකු ද ඇතුළත්.

සැකකරුවන් පන්විල, බොරලැස්ගමුව, ජා-ඇල, මාදම්පේ, නිකවැරටිය, කඩුවෙල, රාගම සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.