තෙදින නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

තෙදින නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

By Sakila Udayakumara

Jul 15, 2017 | 5:49 pm

තෙදින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියේ ය.

මෙරට නව ආයෝජන අවස්ථා විමසා බැලෙන විශේෂ ආයෝජන සමුළුවක් ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ ඩකා අගනුවරදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළෙඳ පිරිවැටුම වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 142ක් වන අතර එය ඉදිරි වසර කිහිපය තුළ තෙගුණයකින් ඉහළ නංවා ගැනීම පිළිබඳව දෙරටේ නායකයින් මීට පෙරදී ඇති කර ගත් එකඟතාව පිළිබඳව ද මෙම සමු‍ළුවේදී අවධානය යොමුව තිබේ.

ගෑස්, බැංකු හා ඇඟලුම් වැනි ක්ෂේත්‍ර ගණනාවක මෙරට ව්‍යාපාරිකයින් මේ වන විට බංග්ලාදේශයේ ආයෝජනය කර ඇති අතර එම කේෂ්ත්‍රවල තවදුරටත් ඇති ඉඩ ප්‍රස්ථා පිළිබඳව ද මෙහිදී අනාවරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නැයි මෙහිදී බංග්ලාදේශ ආයෝජකයින්ට ද ආරධනා කර තිබේ.

දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ සමුළුව ඇමතූහ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බංග්ලාදේශ සංචාරයට සමගාමීව සංවිධාන කළ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ, එරට ජනාධිපති මන්දිරයේදී ය.

සංස්කෘතික ප්‍රසංගයෙන් පසුව පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ද ජනාධිපතිවරයා එක්විණි.

[youtube url=”www.youtube.com/watch?v=gl35QpWb8JM&feature=youtu.be” width=”560″ height=”315″]