ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රභල තැනක

ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රභල තැනක

By Nadeeshan Meedin

Jul 14, 2017 | 5:47 pm

ශ්‍රි් ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ප්‍රභල ස්ථානයක පසුවීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිව තිබේ.
 
ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදෙමින් දිනය අවසන් වනවිට පළමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 344 ක්.
 
එහිදී ක්‍රේග් අර්වින් නොදැවී ලකුණු 151 ක් රැස්කිරීමට සමත්විය.
 
රංගන හේරත් ලකුණු 104 ක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගෙන සිටින අතර අසේල ගුණරත්න කඩුලු 2 ක් දවා ගෙන සිටියි.
 
දිනේශ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසුව ක්‍රීඩා කරන පළමු තරගය මෙයයි.