ශ්‍රී ලංකා – බංග්ලාදේශ රාජ්‍ය නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ රාජ්‍ය නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද

By Sakila Udayakumara

Jul 14, 2017 | 7:14 am

තුන්දින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සංචාරයක නිරත වේ.

ජනාධිපතිවරයා බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා, කථානායකවරයා මෙන් ම විපක්ෂ නායිකාව ද හමුවනු ඇති.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආයෝජන ඉහළ නැංවීම, නාවික, අධ්‍යාපන, සංචාරක, ධීවර, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවල සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.

මෙම සංචාරයේදී කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු, ආගමන විගමන ආදී ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබෙනු ඇති.