කොළඹ – බදුල්ල අතර දුම්රිය ධාවනය 2වන දිනටත් අඩාලයි

කොළඹ – බදුල්ල අතර දුම්රිය ධාවනය 2වන දිනටත් අඩාලයි

By Sakila Udayakumara

Jul 14, 2017 | 6:53 am

හැටන් සහ කොටගල අතරදී දුම්රිය පිලී පැනීම හේතුවෙන් අඩාල වූ කොළඹ – බදුල්ල අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට මෙතෙක් හැකිවී නොමැත.

ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කිරීමට සිදුවිණි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ තව ත් දුම්රිය 2ක් අවලංගු කළ බව ය.

බදුල්ලේ සිට කොළඹට පැමිණීමට තිබූ දුම්රිය 2ක් ද ඊයේ පස්වරුවේ අවලංගු කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පීලි පැනීමට ලක්වූ දුම්රිය පිලිගත කිරිම් සිදුකරමින් පවතින බව ය.

එහෙත් පීලි පැනීමෙන් මාර්ගයට සිදු වූ හානි පිළිසකර කිරීමට මෙතෙක් හැකිව නොමැත.

පීලිගත කිරීම සඳහා කොළඹින් කණ්ඩායමක් පිටත් කර යැවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති අතර පාලමකට ද හානි සිදුව තිබේ.

‍මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල මණ්ඩලයක් පත් කර ඇති බව ද විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය.

ඊට නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී, ධාවන බල අංශයේ ප්‍රධාන ඉංජිනේරු සහ මාර්ග හා පාලම් අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළත් ය.

[youtube url=”www.youtube.com/watch?v=zSSlXUJKwZg&feature=youtu.be” width=”560″ height=”315″]