සහල් කොල්ලය පිටුපස ඇත්තේ තොග සැඟවීමක් ද?

සහල් කොල්ලය පිටුපස ඇත්තේ තොග සැඟවීමක් ද?

By Sakila Udayakumara

Jul 13, 2017 | 10:22 pm

රට තුළ පවතින සහල් තොග ප්‍රමාණවත් නොවීමෙන් සහල් ආනයනය කිරීමට සිදුව ඇති බවට විවිධ පාර්ශව පෙන්වා දෙති.

එහෙත් මේ තුළ ඇත්තේ සහල් කොල්ලයක් ද ?

එසේත් නොමැති නම් තොග සැඟවීමක් ද ?

මේ ඒ පිළිබඳව සොයා බැලීමක්.

සහලින් ස්වයංපෝෂිත ඉතිහාසයකට උරුමකම් කියන ඇතැම් යුගවල සහල් අපනයනය කල බවට ත් සාක්ෂි පවතියි.

එහෙත් අද විදේශ රටවලින් සහල් ගෙන්වන තුරු බලා සිටි යුතු තරමටම අප අපේක්ෂා භංගත්වයට පත් වී සිටීම කණගාටුවට කරුණකි.

මෙරට වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වේ.

මාසිකව සහල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් අවශ්‍ය බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

පුද්ගලයෙකුගේ වාර්ෂික සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 114 කි.

පසුගිය මහ කන්නයේදී හෙක්ටයාර ලක්ෂ හතාහාමාරක් වගා කිරීමට අපේක්ෂා කළ ද වගා කළ හැකි වූයේ ලක්ෂ 5ක් පමණි.

දැඩි නියඟය හේතුවෙන් හෙක්ටයාර ලක්ෂයකට අධික කුඹුරු විනාශ වී ගිය ද මේ වන විට ත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් රට තුළ දේශීය සහල් පවතින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයක් පවතිද්දී විදේශ රටවලින් සහල් ගෙන්වීමට පිඹුරු පත් සැකසෙන්නේ කාගේ අවශ්‍යතාවයකට ද ?

සහල් කොල්ලයක් රට තුළ ක්‍රියාත්මක වේ ද ?

ඒ පිටුපස ඇත්තේ තොග සැඟවීමක් ද ?

කෙසේ වෙතත් 2015 – 2016 මහ කන්නය තුළ සහල් තොග ගබඩා කිරීමට නිසි ගබඩා පහසුකම් නොමැති බව පවසමින් මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රය ද වී ගබඩාවක් බවට පත් කෙරිණි.

එහෙත් අද වන විට සැබවින්ම දේශිය සහල් නිෂ්පාදනය පහත වැටී ඇත්ද ?

එසේ නොමැති නම් සහල්වලට අත්වන ඉරණම කුමක් ද ?

[youtube url=”www.youtube.com/watch?v=NrCxQFXImBQ&feature=youtu.be” width=”560″ height=”315″]