JUST IN: ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් වෙයි, දිනේෂ් චන්දිමාල්ට නායකත්වය

JUST IN: ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් වෙයි, දිනේෂ් චන්දිමාල්ට නායකත්වය

By Hashini De Mel

Jul 12, 2017 | 10:45 am

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් වන බව නිල වශයෙන් දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මීට ටික වේලාවකට පෙර පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවැසුවේ, ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කිරීමට තීරණය කර ඇති බවයි.

එක්දින සහ T 20 තරග සඳහා කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කළ බව ද සුමතිපාල මහතා නිවේදනය කළේ ය.