මහ වැසි මධ්‍යයේ සිම්බාබ්වේ ජය ගනිද්දී ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්

මහ වැසි මධ්‍යයේ සිම්බාබ්වේ ජය ගනිද්දී ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්

By Chathuranga Rajapaksha

Jul 08, 2017 | 9:20 pm

ශ්‍රී ලංකාව සමග පැවති සිව්වන එක්දින තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ඒ, අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ, කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසුවේ.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ, අනුව නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක ඉනිම ආරම්භ කළ අතර ඔවුන් ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේය.

නිරෝෂන් දික්වැල්ල සිය එක්දින දෙවැනි ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 116 කි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 87 යි.

මෙය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එකම ක්‍රිඩකයින් දෙදෙනෙකු ඕනැම කඩුල්ලක් වෙනුවෙන් නොකඩවා තරග දෙකක දී ලකුණු 200 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමේ ලෝක වාර්තාවකි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවි රැස්කළ ලකුණු සංඛයාව 300කි.

අනතුරුව ඇරඹුණු සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 67කි.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 21 ක් අවසානයේ කඩුළු 3 ක් දැවි ලකුණු 139 ක් ලබා තිබියදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ අනුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වූ ඉලක්කය පන්දුවාර 31 කදී ලකුනු 219කි.

සිම්බාබ්වේ ක්‍රීඩකයින් පන්දුවාර 29 යි එක් පන්දුවකදි කඩුළු 6 ක් දැවී තරගය ජය ගත්තේය.