මෙරට ඩෙංගු ව්‍යාප්තිය පසුපස ඇති කතාව

මෙරට ඩෙංගු ව්‍යාප්තිය පසුපස ඇති කතාව

By Sakila Udayakumara

Jul 06, 2017 | 8:22 pm

මේ වන විට පවතින මදුරු ඝනත්වය ඊළග මෝසම් වැසි සමග තුන් ගුණයක් වීමේ අවදානමක් පවතී.

එසේ වුවහොත් මීටත් වඩා වැඩි වසංගත තත්ත්වයකට මුහුණ දීමට අපට සිදු වේවි.

එම නිසා ඩෙංගු මර්ධනය පුද්ගලික වගකීමක් ලෙස භාර ගෙන ක්‍රියා කිරීම අප සැමගේම යුතුකමකි.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට මහා බ්‍රිතාන්‍ය ද ඩෙංගු පිළිබඳව අනතුරු ඇඟවීමක් කර තිබේ.

මේ වන විටත් අයි.ඩී.එච්. උණ රෝහල, මීගමුව රෝහල ඇතුළු රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල් ද ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ.

73000කට අධික ඩෙංගු රෝගීන් පිරිසක් මේ වන විට වාර්තා වන අතර ඩෙංගු රෝගය හේතුවෙන් මිය ගිය ගණන 236කි.

මෙවර ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට මදුරු වෛරස විශේෂත්වයක් ද හේතු වී තිබේ.

පසුගිය කාලය පුරාවට මෙරට ජනතාවට වැළඳුණේ Type 1 සහ Type 3 වෛරසය යි.

මීට පෙර මෙම වෛරස 2 වැළඳීමෙන් සිරුරේ යම් ප්‍රතිශක්තීකරණයක් ඇති වී තිබිණි.

නමුත් මෙවර වැඩිපුර දක්නට ඇත්තේ, Type 2 වර්ගය යි.

මෙහි විශේෂත්වය වන්නේ, මීට පෙර මෙය වැළඳී නොතිබීම හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණයක් නොතිබීම ය.

ඩෙංගු හඳුනා ගන්න

* උණ
* සන්ධිපත් වේදනාව හෝ මස්පිඩු වේදනාව
* තදබල හිසරදය
* වමනය

ඩෙංගු වළක්වා ගන්න

* මදුරු දැල් සහ මදුරු විකර්ෂණ ආලේපන භාවිත කරන්න.
* මදුරුවන් ගැවසෙන තැන්වලින් ඉවත් වන්න.
* මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන්න.
* ඉක්මන් වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.

[youtube url=”www.youtube.com/watch?v=7FpCF4Bpdfs” width=”560″ height=”315″]