Bestweb 2018
Bestweb 2018

ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රමිතිගත කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක්

ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රමිතිගත කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක්

By Hashini De Mel

11 Jul, 2017 | 7:28 pm

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලයේදී විශේෂ සාකච්ඡාවකට ලක් ව තිබේ.

ඒ අනුව ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රමිතිගත කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කරණු ලැබිණි.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරණු ලැබිණි.

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර, සරත් අමුණුගම, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ද මෙම කමිටුවේ සාමාජිකයින් වේ.

මාස දෙකක් ඇතුළත අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය.

නියෝජ්‍ය අමාත්‍ය, නිශාන්ත මුතුහෙට්ටිගම,

[quote]අපි ඉතින් හැමදාම මාධ්‍ය පැත්තේ හිටියා. මාධ්‍ය පැත්තේ අපි ඉන්නවා. මාධ්‍යට හානියක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ .මාධ්‍යට එවැනි සීලාචාර නොවන වැඩක් කළොත් අපි දැඩි සේ විරෝධය දක්වනවා. මාධ්‍ය නැත්නම් එහෙම මේ කට්ටිය ආණ්ඩු කරන හැටි ලස්සනට හිටීවී[/quote]

දී අයිලන්ඩ් පුවත්පත, කර්තෘ – ශමීන්ද්‍ර ප්‍රනාන්දු,

[quote]මේ වගේ විකාර නීතියක් ගෙනල්ල කිසිම දෙයක් සාර්ථක කරගන්න ඔවුන්ට බැහැ. මාධ්‍ය පාලනය කරන්න බැහැ. ඇත්තටම ඔවුන් විශ්වාස කරනවා මේ නීති ගෙනල්ල මාධ්‍ය පාලනය කරන්න පුළුවන් කියලා. මම කියන්නේ ඔවුන්ට මාධ්‍ය පාලනය කරන්න බැහැ. මහබැංකුවේ සිද්ධිය ඒ ගැන මුලින්ම කවුරුහරි ඒක අරගෙන තිබුනේ අන්තර් ජාලයෙන්. කාටහරි පුවත්පත්වලින් නැත්නම් විද්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු ගන්න බැරිනම් ඒවා ලෝකෙයට ගෙනියන්න පහසුකම් අද තියෙනවා.[/quote]