මොරටු සරසවියේ සුනඛයින් මරා දැමීම ගැන පරීක්ෂණයක් ඇරඹෙයි

මොරටු සරසවියේ සුනඛයින් මරා දැමීම ගැන පරීක්ෂණයක් ඇරඹෙයි

By Sagarika Chathumali

17 Jul, 2017 | 9:25 am

විශ්වවිද්‍යාලය තුළ සිටි සුනඛයින් මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පවසයි.

 

එලෙස මරා දැමූ බල්ලන්ගේ ඡායාරූප හා වීඩියෝ විශාල සංඛ්‍යාවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසුවේ, ඒ පිළිබඳ තමන්ට ද වාර්තාවී ඇති බව යි.

කෙසේ වෙතත් සුනඛයින් මරා දැමී ම සම්බන්ධයෙන් සිසුන්ගේ මෙන් ම සත්ත්වයින්ට ලැදි බොහෝ පිරිසකගේ විරෝධය මතුවෙමින් තිබේ.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ සිටි සුනඛයින් විශාල පිරිසක් එක්වරම අතුරුදන්ව වීමේ සිදුවීමක් පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා විය.