ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

24 Jun, 2017 | 2:16 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝර්ඩ් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ, ග්‍රැහැම් ෆෝර්ඩ් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇති බව ය.

56 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝර්ඩ් මීට පෙර 2012 සිට 2014 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

පසුගිය ජනවාරි මස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ භාරගත් ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග 2019 වසරේ එංගලන්තයේ පැවැත්විමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තෙක් ගිවිසුම්ගතව සිටියේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]