සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී සිදු කළ අලාභය කෝටිය ඉක්මවයි

සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී සිදු කළ අලාභය කෝටිය ඉක්මවයි

සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී සිදු කළ අලාභය කෝටිය ඉක්මවයි

කර්තෘ Sakila Udayakumara

23 Jun, 2017 | 6:24 am

සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී සිදු කළ පහර දීම හේතුවෙන් සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 100කට අධික බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඊයේ අදාළ අලාභය ගණනය කිරීම සිදු කළ බව ය.

මේ අතර අලාභ හානි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වන පූජ්‍ය ටැම්පිටියේ සුගතාන්නද හිමියන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

එම ස්ථානයට පැමිණි මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි වීරවර්ධන මහත්මිය සැකකාර භික්ෂූන් වහන්සේ පරික්ෂා කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]