දිවයිනේ රෝහල් ඩෙංගු රොගීන්ගෙන් පිරී යයි

දිවයිනේ රෝහල් ඩෙංගු රොගීන්ගෙන් පිරී යයි

දිවයිනේ රෝහල් ඩෙංගු රොගීන්ගෙන් පිරී යයි

කර්තෘ Chathuranga Rajapaksha

20 Jun, 2017 | 10:05 pm

දිවයිනේ රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් බොහෝමයක් ඩෙංගු රොගීන්ගෙන් පිරී ගොස් තිබේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඇතැම් රෝහල්වල රෝගීන් භාර ගැනිම සීමා කර ඇති බව ය.

අයි.ඩී.එච්. උණ රෝහලේ දිනකට ඩෙංගු රෝගීන් 1,500 ක පමණ සංඛ්‍යාවක් ඇතුළත් වීමට පැමිණියත් භාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 150 ක් පමණ වේ.

ඇදන් 200 ක් පවතින එම රෝහලේ මේ වනවිට ඩෙංගු රෝගීන් 400 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.

මීගමුව මහ රෝහලේ දිනකට ඇතුළත් කෙරෙන රෝගීන් සංඛ්‍යාව 75 ක් වන අතර ඇඳන් 200 ක ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 550 කි.

කළුබෝවිල ශික්ෂණ රෝහ‍ලට ද දිනකට රෝගීන් 70 දෙනෙකු ඇතුළත් වීමට පැමිණෙන අතර ඇඳන් 60 ක් සහිත රෝහලේ 240 දෙනෙකු නේවාසිකය ප්‍රතිකාර ලබයි.

කොළඹ ජාතික රෝහලට මේ වනවිට රෝගීන් 90 දෙනෙකු දිනකට පැමිණෙන අතර ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් ගණන 350 කි.

රාගම ශික්ෂණ රෝහලේ ඩෙංගු රෝගය වැළඳුණු බවට සැක කෙරෙන රෝගීන් 290 දෙනෙකු ඇතැයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ 154 දෙනෙකු සහ ගම්පහ මූලික රෝහලේ 115 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

මහනුවර ශික්ෂණ රෝහලේ ‍ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 150කි.

මේ වසරේ ගෙවුණු මාස හය තුළ පමණක් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,987කි.

2015 වසර පුරාම වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 29,777 ක් වන අතර 2016 වසරේ වාර්තා වූ රෝගීන් 55,150 ක් වේ.

ඩෙංගු රොගීන්ගෙන් ආසන්න වශයෙන් සීයට 42 යි දශම 62 ක ප්‍රමාණයක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]