සමයං ඇතුළු 7ක් මැරූ කළුතර ප්‍රහාරයේ මහ මොළකරුවන් ළඟදී ම දිවයිනට

සමයං ඇතුළු 7ක් මැරූ කළුතර ප්‍රහාරයේ මහ මොළකරුවන් ළඟදී ම දිවයිනට

සමයං ඇතුළු 7ක් මැරූ කළුතර ප්‍රහාරයේ මහ මොළකරුවන් ළඟදී ම දිවයිනට

කර්තෘ Hashini De Mel

18 Jun, 2017 | 6:26 pm

කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව සිටින ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ නමින් හඳුන්වන සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගන්නා බව යි.

පසුගිය දා කළුතරදී බන්ධානාගාර බස් රථයට වෙඩි තබා සමයං නමැති පාතාල කල්ලි සමාජිකයා ඇතුළු රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 2 දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය එම සැකකරුවන් දෙදෙනා විසින් මෙහෙයවනු ලැබ ඇති බව පොලීසිය පවසයි.

ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළෙන් ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ යන සැකකරුවන් දෙදෙනා පළා යෑමට උත්සාහ කිරීමේදී පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]