“පුටින් හොරා..!” රුසියානුවෝ ලෝක බලවතාට එරෙහිව වීථි බසිති

“පුටින් හොරා..!” රුසියානුවෝ ලෝක බලවතාට එරෙහිව වීථි බසිති

“පුටින් හොරා..!” රුසියානුවෝ ලෝක බලවතාට එරෙහිව වීථි බසිති

කර්තෘ Sagarika Chathumali

13 Jun, 2017 | 1:12 pm

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි රුසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

 

ආණ්ඩුවට එරෙහි නීති විරෝධි උද්ඝෝෂණ පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති විපක්ෂ නායකවරයා දින 30ක් රඳවා තබා ගන්නා ලෙස එරට රජය නියෝග කර ඇත.

මෙය පරිපාලනමය රැඳවුම් නියෝගයක් වන අතර අධිකරණය නියෝගයකින් තොරව මෙම දඬුවම ක්‍රියාත්මක වේ.

රුසියාවේ දූෂණ විරෝධි පෙළපාළි මෙහෙයවීමේ චෝදනා මත මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොස්කව්හි ඔහුගේ නිවසේ රැඳී සිටියදී ය.

රටපුරා පැවති දූෂණ විරෝධී උද්ඝෝෂණ සඳහා දහස් ගණනක් රුසියානුවන් සහභාගී වී ඇති අතර උද්ඝෝෂණ අතරතුරදී සිය ගණනක් උද්ඝෝෂකයින් කැරලි මර්දන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විපක්ෂ නායකවරයාට එරෙහි නඩුව ඉවත දමන ලෙස පසුගිය සඳුදා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මොස්කව් අධිකරණයෙන් ඉල්ලා සිටිය ද අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර මොස්කව් නුවර පැවති රැලියට 5,000 ක් සමග උද්ඝෝෂකයින් පිරිසක් සහභාගී වී සිට ඇති අතර ඉන් 800 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව සෙන් පීටර්ස්බර්ග් නුවරට ද සිය ගණනක් ජනතාව රැස්ව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පවත්වා ඇත.

රුසියානු පොලීසිය පළමුව ම විරෝධතා නීතිවිරෝධි බවට නිවේදනය කර ඇති අතර අත්අඩංගුවට ගැනීම ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවයි.

උද්ඝෝෂණ පැවැත්වීම නීතිවිරෝධී බවට නිවේදනය කර තිබියදී ත් තවදුරටත් උද්ඝෝෂකයින් වීදිවලට බැස උද්ඝෝෂණයන්හි නිරතව සිටින අතර ඔවුන්ගේ සටන් පාඨය වී ඇත්තේ, ‘පුටින් හොරා..!’ රුසියාවට නිදහස් විය යුතුයි. යන්නයි.

රුසියානුවන් පාරට බැස්සේ ඇයි ?

රුසියානු ජාතික දිනය යෙදුණු පසුගිය සඳුදා දූෂණවලට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා මගමගට බසිනා ලෙස රුසියානු විපක්ෂ නායකවරයා සමස්ත රුසියානුවන්ට විවෘත ආරාධනාවක් සිදු කළේ ය.

පසුගිය මාර්තු මාසයේදී අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වෙදෙව් පෞද්ගලිකව සම්පත් රැස් කරන බව චෝදනා කරමින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ, වීඩියෝවක් ප්‍රචාරය වූ අතර එය මිලියන 23ක් නරඹා තිබිණ.

කෙසේ වෙතත් රුසියානු අග්‍රාමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටියේ ය.

කෙසේ වෙතත් ට්විටර් ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා රුසියානුවෙන්ගෙන් ඉල්ලා සිටියේ වෙනසක් වෙනුවෙන් එක්වන ලෙසයි.

මුලින් ම නාවාලනිට සක්හාර්වා මාවතේ පෙළපාලිය පවැත්වීමට අවසර දී තිබුණ ද සන්ධ්‍යාව වන විට ඔහු අවසරයකින් තොරව ස්ථානය වෙනස් කරමින් රුසියානු ජනාධිපති මන්දිරය අසල ටීවරස්කායා මාර්ගය රැලි පැවැත්වීම සඳහා යොදා ගෙන තිබිණ.

නගරයේ පිහිටි සෝවියට් යුගයේ ඉදි කරන ලද තට්ටු නිවාස කඩා ඉවත් කිරීමේ සැලසුමක් ඇති බවට චෝදනා කරමින් මෙම උද්ඝෝෂණය ඇරඹිණ.

මෙයට සමාන ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක් පසුගිය මාර්තු මාසයේදී ද ක්‍රියාත්මක වූ අතර එහිදී ද උද්ඝෝෂකයින් විශාල පිරිසක් අත්අඩංගුවට පත් වූහ.

රුසියාවේ දේශපාලනය උණුසුම් කරමින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සඳහා උර දී සිටින 41 හැවිරිදි ඇලෙක්සි නවාල්නි ලබන වසරේ පැවැත්වීමට නියමිත රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.

_96451391_1beb0a05-4fd5-413a-95da-125b3471b807 3A81B651-D6C6-4A56-8F88-572F1D4DA67F_cx0_cy2_cw0_w1023_r1_s 20170401_EUP001_0

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]