ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරයි

By Sakila Udayakumara

Jun 30, 2017 | 5:59 pm

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව අද ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය කඩුලු 6කින් ජය ගත්තේ ය.

එය ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලැබූ 8 වන එක්දින ක්‍රිකට් තරග ජයග්‍රහණය යි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 316ක් රැස් කළේ ය.

සිම්බාබ්වේ කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 47යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී සිටියදී ය.