ලන්ඩන් ගින්න: දැනට 6ක් ලෙස වාර්තා වන මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි

ලන්ඩන් ගින්න: දැනට 6ක් ලෙස වාර්තා වන මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි

By Sagarika Chathumali

Jun 14, 2017 | 4:48 pm

බටහිර ලන්ඩනයේ මහල් නිවාස සංකීරණයේ හටගත් ගින්නෙන් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබේ.

[youtube url=”https://www.youtube.com/watch?v=bDzQi7Aq4Bc” width=”560″ height=”315″]

කෙසේ වෙතත් ගින්නෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ත් මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව ත් එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, ගිනි ගන්නා අවස්ථාවේ ග්රෙෆෙල් නිවාස සංකීරණයේ සිර වී සිටි පුද්ගලයින් රැසක් සිය දරුවන් බේරා ගන්නා ලෙස කෑ ගමොර දෙමින් ඉල්ලා සිටි බවයි.

ගින්නට හසුවී සිටි විශාල පිරිසක් ගිනි නිවීම් හමුදාව විසින් බේරා ගනු ලැබුව ද තවත් බොහෝ පිරිසක් බේරා ගැනීමට නොහැකි වී ඇති බව ලන්ඩන් නුවර නගරාධිපතිවරයා පවසා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මහල් නිවාස සංකීරණයේ 24 වන මහල තවමත් ගිනිගනිමින් පවතින අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එය කඩා වැටීමේ අවදානමක් පවතින බවයි.

ලන්ඩන් ගිලන්රථ සේවය පවසන්නේ, ගින්නට හසු වූ පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල්ගත කර සිටින බවයි.