බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි

බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි

By Sagarika Chathumali

Jun 08, 2017 | 12:23 pm

බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද මෙරට වේලාවෙන් පස්වරු 11.30ට ආරම්භ වූ ඡන්ද විමසීම හෙට අලුයම 2.30 තෙක් පැවැත්වීමට නියමිත බවයි.

මෙවර බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 650 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත අතර ඡන්ද දායකයින් මිලියන 47කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටිති.

බ්‍රිතාන්‍ය බලධාරීන් සඳහන් කළේ, මේ වන විට එම පිරිසෙන් 16.4%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර අවසන් බවයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරුවේ නිකුත් කිරීමට හැකි වනු ඇති.

මෙවර මැතිවරණයේදී අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ කොන්සර්වටිව් පක්ෂය සහ ජෙරම් කෝබින් ගේ කම්කරු පක්ෂය අතර තියුණු තරගයක් පවතිනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

මැතිවරණ මත විමසුම් පෙන්වා දෙන්නේ ඉන් තෙරේසා මේ ගේ කොන්සර්වටිව් පක්ෂය තියුණු ජයක් ලබනු ඇති බවයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය සහ එරට ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවර මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වනු ඇති බව දේශපාලන විචාරකයෝ අවධාරණය කරති.

ත්‍රස්ත අවදානම හේතුවෙන් මෙවර බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව තර කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.