ධර්මයුද්ධය චිත්‍රපටයේ මංගල දර්ශනය ලීඩෝ සිනමා ශාලාවේදී

ධර්මයුද්ධය චිත්‍රපටයේ මංගල දර්ශනය ලීඩෝ සිනමා ශාලාවේදී

කර්තෘ Hashini De Mel

08 Jun, 2017 | 12:51 pm

මහරාජා එන්ටර්ටෙන්ට්මන්ට් සිංහල සිනමාවට හඳුන්වා දෙන ධර්මයුද්ධය චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ බොරැල්ල ලීඩෝ සිනමා ශාලාවේදී පැවැත් විය.

වර්තමානයේ මෙරට ජන ජීවිතයට ඉතාම සමීප තේමාවක් පදනම් කර ගනිමින් නිර්මාණය වී ඇති ධර්මයුද්ධය චිත්‍රපටය දියණියන් දෙදෙනෙකු සිටින පවුලක් විසින් මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් සමන්විත වූවකි.

ජැක්සන් ඇන්තනී, දිල්හානි ඒකනායක, කුමාර තිරිමාඳුර, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, තිසරි යුවණිකා ඇතුළු ප්‍ර‍වීණ සහ ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පිනියන් රැසක් මේ සඳහා සිය රංගන දායකත්වය සපයා ති‍බීම ද විශේෂත්වයකි.