ගංවතුරක් කළුතරට බලපාන්නට කුකුළේ ගඟ ජලාශ්‍රයේ වාන් දොරටු විවෘත කිරීම හේතු වුණා ද? (VIDEO)

ගංවතුරක් කළුතරට බලපාන්නට කුකුළේ ගඟ ජලාශ්‍රයේ වාන් දොරටු විවෘත කිරීම හේතු වුණා ද? (VIDEO)

කර්තෘ Sakila Udayakumara

08 Jun, 2017 | 9:36 pm

කිසිදු නොවූ විරූ ගංවතුරක් කළුතර දිස්ත්‍රික්කයට බලපාන්නට කුකුළේ ගඟ ජලාශ්‍රයේ වාන් දොරටු විවෘත කිරීම හේතු වුණා ද?

ශ්‍රී ලංකාවේ දෙවැනි භූගත විදුලි බලාගාරය ලෙස 2003 වසරේ සැප්තැම්බර් 19 වන දා විවෘත කෙරුණු කුකුළේ ගඟ ඉදිකිරීම් ආරම්භයේ සිට ම ඊට පහළ ප්‍රදේශවල ජනතාව සිය විරෝධය පළ කළේ, අධික වර්ෂාවකදී සිය ප්‍රදේශවල ජල ගැලීම් බහුල විය හැකි බවට අනතුරු අඟවමිනි.

කුකුළේ ගඟ හරස් කරමින් ඉදිකර ඇති මේ ජලාශ්‍රයට පහළින් පිහිටි මදනාගොඩ, අයගම, පල්ලේකන්ද, මෝල්කාව අවට ඇති ප්‍රදේශ රැසක් පසුගිය ගංවතුරෙන් විනාශ විණි.

අද නිව්ස්ෆස්ට් කුකුළේ ගඟට ගියේ මේ චෝදනාවල සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට ය.